ජීවික වික්‍රමයන් සහ වික්‍රමාන්විත ජීවිත ද ඇත. සුප්‍රසිද්ධ සෝවියම් ගත්කරු නිකොලයි අලෙක්සේයෙවිච් ඔස්ත්‍රොව්ස්කිගේ (1904-1936) ජීවිතය ද එබඳුම වික්‍රමයකි. මේ නවකතාවේ. කතුවරයා ද ඔහුය. ඔහු ජීවත් වුයේ කෙටි කාලයකි. අවුරුදු දෙතිසක් පමණකි. දොළොස් අවුරුද්දක් ඔහු ගත කළේ බරපතළ රෝගියෙකු මෙනි. ඉන් අවසාන අට අවුරුද්ද ඔහු අන්ධයෙකු සේ ගත කළේය. එහෙත්, ඔහු තබා ගිය පා සටහන් ගැඹුරුය.
‘වානේ පන්නරය ලැබූ හැටි’ නමැති ඔහුගේ නවකතාව සැබැවින්ම පරම්පරා කීපයකම අත්පොත බවට පත් විය. පිටපත් කෝටි ගණනකින් මුදුණය වූ මේ නවකතාව ලෝක ප්‍රසිද්ධය.
නිර්භයත්වය සටන් තුළින් උපත ලබයි. එය පරීක්ෂණයෙන් පසක් කර ගනී ” ඔස්ත්‍රොව්ස්කි පැවසීය.
ඔස්ත්‍රොව්ස්කි සිදු විය හැකි දෙයක් ගැන නොව, සිදු වූ දේ ගැන ලියුවේය. එය ඔහු අත්දුටු දේ ගැන. ලියූ නවකතාවකි.
Reviews
There are no reviews yet.