සෝවියට් සාහිත්‍යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868-1936) මේ කතාව ලියුවේ 1914 දී ය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි.
කුඩාකල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට ‘පිට මිනිසුන්’ අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු සැලැසුම් ඇඳීමට’ ඉගෙන ගන්නේ නින්දා අපහාසවලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිගන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපළක ද සේවය කරයි.
පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ්කෝව් හැම තැන ම දකී. මේ නිර්දය ජීව්තය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ ගැසුණා පමණක් නොව, දීප්තිමත් හැඟීම් සහ පවිත්‍ර චින්තන සහිත යහපත් මිනිසුන් ද මුණ ගැසෙයි. පරිසරය නැරැඹීමටත්, එයට ඇලුම් කිරීමටත්, පොත් සහ දැනීම අගය කිරීමටත් උගන්වන ඔවුහු ඉගෙන ගැනීමට ඔහුගේ ඇති ආසාව පුබුදුවාලූහ.
මක්සිම් ගෝර්කිගේ චරිත කතාව කොටස් තුනකින් යුක්ත ය. ‘මිනිසුන් අතර’ මේ තුන් ඈඳුතු කතාවේ දෙවැන්න ය. ‘ළමාව්ය’, ‘මිනිසුන් අතර’ සහ ‘මගේ සරසව්’ යන නම්වලින් එය සිංහලෙන් පළ වෙයි.
Reviews
There are no reviews yet.