සෝවියට් සාහිත්‍යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868 – 1936) මේ කතාව ලියුවේ 1914 දීය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි.
කුඩා කල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට ‘පිට මිනිසුන්’ අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු ‘සැලැසුම් ඇඳීමට ‘ ඉගෙන ගන්නේ නින්දා අපහාස වලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිඟන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපළක ද සේවය කරයි.
පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ් කෝව් හැම තැනම දකී. මේ නිර්දය ජීවිතය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ ගැසුණා පමණක් නොව, දීප්තිමත් හැඟීම් සහ පවිත්‍ර චින්තන සහිත යහපත් මිනිසුන් ද මුණ ගැසෙයි. පරිසරය නැරඹීමටත්, එයට ඇලුම් කිරීමටත්, පොත් සහ දැනීම අගය කිරීමටත් උගන්වන ඔවුහු ඉගෙන ගැනීමට ඔහුගේ ඇති ආසාව පුබුදුවාලූහ.
මක්සිම් ගෝර්කිගේ චරිත කතාව කොටස් තුනකින් යුක්තය. ළමා විය’ මේ තුන් ඈඳුතු කතාවේ පළමුවැන්න ය.’ ළමාවිය’ ‘ මිනිසුන් අතර ‘ ‘මගේ සරසවි’ යන නම් වලින් එය සහ සිංහලෙන් පළ වෙයි.
Reviews
There are no reviews yet.